පෑලියගොඩ මනුෂ්‍ය ඝාතනයක්

පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඊයේ (19) පස්වරුවේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 46 ක් වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?