පෑලියගොඩ කුණු ඇලේ නාඳුනන මළ සිරුරක්

ඊයේ (06) දින උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ – මීගමුව මාර්ගයේ මත්ස්‍ය වෙළඳසැලට හැරෙන සංඥා පුවරුව අසල ඇති කුණු ඇලේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වූ බව පොලිසිය පවසනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන, උස අඩි 05 අඟල් 07ක් පමණ වන තලෙළු යටි රැවුල හා උඩු රැවුල සම්පූර්ණයෙන් වවා ඇති සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙකු වන අතර උඩුකයට කමිසයක් හා නිල්පාට හා රතුපාට ඉරි සහිත බොටම් කලිසමක් හැඳ සිටි අයෙක් බව පොලිසිය සඳහන් කර සිටී.

මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?