පෑලියගොඩ කුණු ඇලේ නාඳුනන මළ සිරුරක්

ඊයේ (06) දින උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ – මීගමුව මාර්ගයේ මත්ස්‍ය වෙළඳසැලට හැරෙන සංඥා පුවරුව අසල ඇති කුණු ඇලේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වූ බව පොලිසිය පවසනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන, උස අඩි 05 අඟල් 07ක් පමණ වන තලෙළු යටි රැවුල හා උඩු රැවුල සම්පූර්ණයෙන් වවා ඇති සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙකු වන අතර උඩුකයට කමිසයක් හා නිල්පාට හා රතුපාට ඉරි සහිත බොටම් කලිසමක් හැඳ සිටි අයෙක් බව පොලිසිය සඳහන් කර සිටී.

මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05