AFC Banner
Empty Ad
Empty Ad

පැෆරල් සංවිධානයෙන් රජයට නෝක්කාඩුවක්

සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානය අවධාරණය කරනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය හා පක්ෂ නායකයින් කටයුතු කල වගකීම් විරහිතභාවය පිළිබඳව දැඩි කණගාටුව පලකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සදහන් කළේ.

පවතින ගැටලු සදහා පිළිතුරු සෙවීම ව්‍යවස්ථා රාමුව තුළ සිදුකිරීමේ වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවද පැෆරල් සංවිධානය සිහිපත් කරනවා.

එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව මෙතෙක් සමත්වී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත 19, 20, 21 දිනවල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පවා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබාදී නොමැති බවද සදහන්.

එම නිසා රට තුළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුධයන් ඇති බව පිළිගනිමින් හා එම තමන් වගකිව යුතු බවට සිහි තබාගනිමින් ඊට විසඳුම් සෙවීමේ මුඛ්‍ය වගකීම තමන් සතු බව අවබෝධ කරගත යුතු බවයි පැෆරල් සංවිධානය යෝජනා කරන්නේ.

ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කරන නායකයින් මහජන අරගලය අවතක්සේරු කරමින් කරන ප්‍රකාශ වහා නවතා දැමිය යුතු බවද පැෆරල් සංවිධානයේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?