පැෆරල් සංවිධානයෙන් රජයට නෝක්කාඩුවක්

සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානය අවධාරණය කරනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය හා පක්ෂ නායකයින් කටයුතු කල වගකීම් විරහිතභාවය පිළිබඳව දැඩි කණගාටුව පලකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සදහන් කළේ.

පවතින ගැටලු සදහා පිළිතුරු සෙවීම ව්‍යවස්ථා රාමුව තුළ සිදුකිරීමේ වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවද පැෆරල් සංවිධානය සිහිපත් කරනවා.

එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව මෙතෙක් සමත්වී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත 19, 20, 21 දිනවල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පවා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබාදී නොමැති බවද සදහන්.

එම නිසා රට තුළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුධයන් ඇති බව පිළිගනිමින් හා එම තමන් වගකිව යුතු බවට සිහි තබාගනිමින් ඊට විසඳුම් සෙවීමේ මුඛ්‍ය වගකීම තමන් සතු බව අවබෝධ කරගත යුතු බවයි පැෆරල් සංවිධානය යෝජනා කරන්නේ.

ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කරන නායකයින් මහජන අරගලය අවතක්සේරු කරමින් කරන ප්‍රකාශ වහා නවතා දැමිය යුතු බවද පැෆරල් සංවිධානයේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34