AFC Banner
AFC Banner
Empty Ad

පැරිසියේ දී මෝදි ඉහළ පෙළේ සාකච්ඡා රැසකට එක්වෙයි

ප්‍රංශයේ පැරිසියේ දී පැවැත්වුණු AI ක්‍රියාකාරී සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉහළ පෙළේ සාකච්ඡා සහ හමුවීම් කිහිපයකට එක්ව තිබෙනවා.

මෝදි සහ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අතර හමුව සිදු වුණේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේ දීයි.

උප ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ පළමු හමුව මෙය වන අතර මෝදි ප්‍රංශ සංචාරය නිමවා අද (12) පස්වරුවේ වොෂිංටනය බලා පිටත්ව යෑමට ද නියමිතයි.

මේ අතර ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ද සමුළුව අතරතුර අගමැති මෝදි හමු වූ අතර ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනයේ AI හි විභවය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

AI ක්‍රියාකාරී සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා පැරීසියේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් ද හමුවුණා.

මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි මීළඟ AI ක්‍රියාකාරී සමුළුව සඳහා සත්කාරකත්වය ඉන්දියාවට ලබාදෙන ලෙස ද යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?