පැරිසියේ දී මෝදි ඉහළ පෙළේ සාකච්ඡා රැසකට එක්වෙයි

ප්‍රංශයේ පැරිසියේ දී පැවැත්වුණු AI ක්‍රියාකාරී සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉහළ පෙළේ සාකච්ඡා සහ හමුවීම් කිහිපයකට එක්ව තිබෙනවා.

මෝදි සහ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අතර හමුව සිදු වුණේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේ දීයි.

උප ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ පළමු හමුව මෙය වන අතර මෝදි ප්‍රංශ සංචාරය නිමවා අද (12) පස්වරුවේ වොෂිංටනය බලා පිටත්ව යෑමට ද නියමිතයි.

මේ අතර ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ද සමුළුව අතරතුර අගමැති මෝදි හමු වූ අතර ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනයේ AI හි විභවය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

AI ක්‍රියාකාරී සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා පැරීසියේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් ද හමුවුණා.

මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි මීළඟ AI ක්‍රියාකාරී සමුළුව සඳහා සත්කාරකත්වය ඉන්දියාවට ලබාදෙන ලෙස ද යෝජනා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25