පැරෂුට් අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරවාරයේදී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.ඒ අම්පාර ප්‍රදේශයේ දී.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ පැවසුවේ පුහුණුවීම් අතර වාරයේදී ඇතිවූ අනපේක්ෂිත සුළං මාරුවීමක් හේතුවෙන් උඩු ගුවනේදී ගුවන් හමුදා නිලධාරියාගේ පැරෂුටය සමග පුහුණුවීමට එක්ව සිටි සාජන්වරයෙකු ගේ පැරෂුටය එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වූ දෙදෙනාම රෝහල් ගත කෙරුනත් පසුව සිද්ධියෙන් ගුවන් හමුදා බලගණ නායක නිලය දරන නිලධාරියෙක් ජිවිතක්ෂයට පත් වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටියා.