පැමිණිල්ලක් ඇත්නම් පොලිසියට මගහරින්න බැහැ – මහජන ආරක්ෂක ඇමති

යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කර ඇති අවස්ථාවක පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බව මහජන ආරක්ෂක ඇමතිවරයා පවසනවා.

වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් විසින් ඉස්මතු කරනු ලැබුවා.

එහිදී මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළේ යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කර ඇති අවස්ථාවක පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බවයි.

මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මෙහිදී විමසීමක් සිදු කළා.

එලෙස ඇගයීමට ලක් කිරීම සඳහා දැනටමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, වැටලීම්වලට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ ඒ අදාළ නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන බවයි පැමිණ සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරින් කියාසිටියේ.

ඉමදුව පොලිසියේ ස්ථාන භාර නිලධාරී සඳහා වෙන්කරන ලද නිවස ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳව ද මෙහිදී විමසා බලා තිබෙනවා. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට එම නිවස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කර ඇති බවයි.

ගම් මට්ටමින් මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යාප්තිය සහ ඇබ්බැහිවූවන් පාලනය කිරීම සම්බන්ධයෙන් වූ වැඩ පිළිවෙළ පිළිබඳව කමිටුව විමසූ අවස්ථාවේ, පැමිණ සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පැවසුවේ, මත්ද්‍රව්‍ය පිලිබඳ විමර්ෂණයක් පොලිසියට ලැබුණු අවස්ථාවකදී පෙර මෙන් නොව නීති විරෝධී ළඟ තබා ගැනීම් මෙන්ම මුදල් විශුද්දිධිකරණය සඳහා ද විමර්ශන සිදු කෙරෙන බවයි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් රථවාහන පොලිසිය වීඩියෝ පටිගත කර, ඒවා මාධ්‍ය වෙත නිකුත් කිරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව ද කමිටුව අවධානය යොමු කරනු ලැබුවා.

ඕනෑම වැරදිකරුවෙකුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බවයි කමිටුවේ අදහස වී ඇත්තේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් ගැටලු පවතින බව පිළිගනිමින් ප්‍රකාශ කර සිටියේ තමන් ඒ පිළිබඳව සොයා බලා එය විසඳීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53