පැනවූ තහනම ඉවත් කරගන්න – විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ; සිය රටවැසියන්ට ආරුගම්බේ ඇතුළු මෙරට පිහිටි සංචාරක කලාපවල සංචාරය කිරීමට පනවා තිබූ තහනම් ඉවත් කරන ලෙසයි.

පසුගියදා ආරුගම්බේ ඇතුළු සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් අමෙරිකානු පුරවැසියන්ට එහි සිදු කරන සංචරණයන් නවත්වන ලෙසටයි අමෙරිකානු තානාපති කාර්‍යාලය ඉල්ලා සිටියේ.

ඒ අනුව ආරුගම්බේ ඇතුළු සංචාරක කලාපවලට විදේශිකයින්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු වුණා.

නමුත් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; බුද්ධි අංශ තොරතුරු අනුව සියලුම ආකාරයෙන් පූර්ණ ආරක්ෂාවක් සංචාරක කලාප අවට සහ දිවයින පුරාම ක්‍රියාත්මක කර අවසන් බවත් කිසිදු බියවීමක් ඇති කරගත නොගත යුතු බවයි.

අමෙරිකානු නිවේදනයෙන් පසුව මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය, කැනඩාව ආදි රටවල් ද සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආරුගම්බේ කලාපය තහනම් කෙරුණා.

මෙවන් පසුබිමකදියි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29