AFC Banner
AFC Banner
Empty Ad

පැතුම් සහ කමිඳුට ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය අවිනිශ්චිතයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අවින්ශ්චිත වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.

නිමා වූ නවසීලන්ත තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ දී පැතුම් නිස්සංක ආබාධයකට ලක් වුණා.

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් පළමු පෙළ තරගයක් අතර තුර ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය ලබන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වන අතර, ටෙස්ට් තරග දෙකෙන් පසු තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය කොළඹ දී පෙබරවාරි 12 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?