පැතුම් නිස්සංක තම මව්බිමේ දී දෙවැනි වරටත් ටෙස්ට් ලකුණු 150 සීමාවට ළඟා වීමට අද (27) සමත් වුණා.
ඒ සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භයත් සමගින්.
පැතුම් මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද ලකුණු 187යි.
ඒ බංග්ලාදේශයට එරෙහිව ජුනි 17 වැනි දින පැවති පළමු ටෙස්ට් තරගයේදීයි.
ඉන් අනතුරුව පැතුම්ගේ ටෙස්ට් ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට අද ලකුණු එක්වෙමින් තිබෙනවා.
ඊට පෙර පැතුම් එංගලන්තයට එරෙහිව ඕවල් හි දී නොදැවී ලකුණු 127ක් ලබා ගත්තා.
ඒ 2024 දීයි.
2021 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ද පැතුම් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතර ඕනෑම තරග ආකෘතියක දී වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්වීමට පැතුම්ට හැකි ව තිබෙනවා.
ඒ ඉනිම් 140ක් ක්‍රීඩා කරමින් ලකුණු 5098 රැස් කර ඇත්තේ ඉන්දියාවේ ශර්මාට පමණක් දෙවැනි වෙමින්.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු දෙකක් බිඳ වැටී ලකුණු 298ක් ලබා සිටිනවා.






