පැතුම් දෙවැනි වරටත් ටෙස්ට් ලකුණු 150 සීමාව මව්බිමේ දී අතික්‍රමණය කරයි -රෝහිත්ට පමණක් දෙවැනි වෙයි

පැතුම් නිස්සංක තම මව්බිමේ දී දෙවැනි වරටත් ටෙස්ට් ලකුණු 150 සීමාවට ළඟා වීමට අද (27) සමත් වුණා.

ඒ සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භයත් සමගින්.

පැතුම් මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද ලකුණු 187යි.

ඒ බංග්ලාදේශයට එරෙහිව ජුනි 17 වැනි දින පැවති පළමු ටෙස්ට් තරගයේදීයි.

ඉන් අනතුරුව පැතුම්ගේ ටෙස්ට් ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට අද ලකුණු එක්වෙමින් තිබෙනවා.

ඊට පෙර පැතුම් එංගලන්තයට එරෙහිව ඕවල් හි දී නොදැවී ලකුණු 127ක් ලබා ගත්තා.

ඒ 2024 දීයි.

2021 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ද පැතුම් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර ඕනෑම තරග ආකෘතියක දී වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්වීමට පැතුම්ට හැකි ව තිබෙනවා.

ඒ ඉනිම් 140ක් ක්‍රීඩා කරමින් ලකුණු 5098 රැස් කර ඇත්තේ ඉන්දියාවේ ශර්මාට පමණක් දෙවැනි වෙමින්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු දෙකක් බිඳ වැටී ලකුණු 298ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11