පැතුම්ගේ LPL පැතුම ඉටුවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ දී කැන්ඩි ෆැල්කොන්ස් පිළ නියෝජනය කරන බව තොරතුරු වාර්තා වනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පසුගිය 05 වනදා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී පැතුම්ව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොඳම පිතිකරුවන් අතර 08 වන ස්ථානයේ රැඳී සිටින මෙම පිතිකරුවා කිසිඳු කණ්ඩායමක් විසින් මිල දී නොගැනීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවදානය ද යොමු වූ අතර, සෑම කණ්ඩායමකටම තවත් එක් අතිරේක ක්‍රීඩකයෙක් බැගින් තෝරාගන්නා ලෙස ක්‍රිකට් අයතනය පසුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පැතුම් නිස්සංකව එක් කණ්ඩායමක් විසින් තෝරාගනු ඇති බවයි ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ.

මෙරට ඉහළ ම දේශීය විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් හි තෙවැනි අදියර ලබන 31 සිට අගෝස්තු 21 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?