spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම්ගේ LPL පැතුම ඉටුවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ දී කැන්ඩි ෆැල්කොන්ස් පිළ නියෝජනය කරන බව තොරතුරු වාර්තා වනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පසුගිය 05 වනදා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී පැතුම්ව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොඳම පිතිකරුවන් අතර 08 වන ස්ථානයේ රැඳී සිටින මෙම පිතිකරුවා කිසිඳු කණ්ඩායමක් විසින් මිල දී නොගැනීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවදානය ද යොමු වූ අතර, සෑම කණ්ඩායමකටම තවත් එක් අතිරේක ක්‍රීඩකයෙක් බැගින් තෝරාගන්නා ලෙස ක්‍රිකට් අයතනය පසුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පැතුම් නිස්සංකව එක් කණ්ඩායමක් විසින් තෝරාගනු ඇති බවයි ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ.

මෙරට ඉහළ ම දේශීය විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් හි තෙවැනි අදියර ලබන 31 සිට අගෝස්තු 21 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?