AFC Banner
Empty Ad
Empty Ad

පැඟිරිවත්ත ප්‍රදේශයේ නීතිඥවරිය ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත ප්‍රදේශයේ දී නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා නීතිඥවරියගේ රියදුරා ලෙස කාලයක් තිස්සේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් බෙන්තර පාලමෙන් පැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම උත්සාහය ව්‍යර්ථවීමෙන් පසුව බෙන්තර පාලම අසල ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධකය වෙත පැමිණ භාරවී තිබෙනවා.

අනතුරුව එහි සිටි නිලධාරීන් විසින් අළුත්ගම පොලිස්ථානය වෙත සැකකරු භාර දී තිබුණා.

ජයනාත් වීරසිංහ වන 45 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ජයනි ලක්මිණී යන නීතිඥවරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් එම සබඳතාවය නතර කිරීමට උත්සාහ ගැනිම්මේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

එහිදී අද (20) උදෑසන නීතිඥවරියගේ නිවසට ගොස් මන්නයකින් බෙල්ල කපා ඝාතනය කර පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්පසුව ඔහු හට ඇති වු මානසිකත්වය මත මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට මිරිහාන පොලිසියේ අපරාධ අංශය වෙත භාරදී ඇති බවයි අලුත්ගම පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?