පැඟිරිවත්ත ප්‍රදේශයේ නීතිඥවරිය ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත ප්‍රදේශයේ දී නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අලුත්ගම පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා නීතිඥවරියගේ රියදුරා ලෙස කාලයක් තිස්සේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් බෙන්තර පාලමෙන් පැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම උත්සාහය ව්‍යර්ථවීමෙන් පසුව බෙන්තර පාලම අසල ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධකය වෙත පැමිණ භාරවී තිබෙනවා.

අනතුරුව එහි සිටි නිලධාරීන් විසින් අළුත්ගම පොලිස්ථානය වෙත සැකකරුව භාර දී තිබුණා.

ජයනාත් වීරසිංහ වන 45 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ජයනි ලක්මිණී යන නීතිඥවරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් එම සබඳතාවය නතර කිරීමට උත්සාහ ගැනිම්මේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

එහිදී අද (21) උදෑසන ඔහු නීතිඥවරියගේ නිවසට ගොස් මන්නයකින් බෙල්ල කපා ඝාතනය කර පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්පසුව ඔහු හට ඇති වු මානසිකත්වය මත මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට මිරිහාන පොලිසියේ අපරාධ අංශය වෙත භාරදී ඇති බවයි අලුත්ගම පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10