පාළු ඉඩමක කපා කොටා ඝාතනය කළ තරුණයෙකුගේ මළසිරුරක් සොයාගැනේ

ගල්කිස්ස ප්‍රදේශයේ හුළුදාගොඩ පාරේ පාළු ඉඩමක තිබී කපා කොටා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගල මළසිරුරක් අද (01) දහවල් සොයා තිබෙනවා.

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වූයේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ රත්මලාන – මහින්දාරාම පාරේ පදිංචි 23 හැවිරිදි කාවින්ද ගයාෂාන් රණවක නමැති තරුණයෙක්.

මොහුව කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇති බවට සාමාජ මාධ්‍යවල සංසරණය වන බවට ඔහුගේ සහෝදරයකු විසින් ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම මළසිරුර ගැන පොලිස් විමර්ශනවල ආරම්භ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?