පාසැල් සිසුන් 02කට කොරෝනා.. සිසුන් 120ක් නිරෝධායනයට

කොවිඩ් ආසාදිත එකම පවුලේ පාසල් සිසුන් දෙදෙනකු හමු විමත් සමග එම සිසුන් ඉගෙනුම ලැබු පංතිවල සිසුන් 122ක් පමන ස්වයං නිරෝධානයට ලක් කර ඇති අතර එක් ප්‍රාථමික විදුහලක 01 සිට 04 දක්වා පංති වසා දැමිමට පියවර ගෙන.

මේ පිලිබදව කරුනු දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය රෝහලේ හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය විමත් සමග එම සිසුන් දෙදෙනා ඉගෙනුම ලැබු හැටන් ප්‍රදේශයේ විදුහලක 06 ශ්‍රේණි පංති 03ක් හා හැටන් ප්‍රාථමික විදුහලක 02වන ශ්‍රේණි පංති වල සිසුන් 88ක් නිරෝධානයට ලක් කිරිමට මුලින් පියවර ගත් බවත්ය.

මෙම පාසල් සිසුන්ගේ තවත් සහෝදරයකු එම ප්‍රාථමික විදුහලේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් එම සිසුවාගේ ඇන්ටජින් පරික්ෂන මත  ඔහු කොවිඩ් ආසාදිතයකු නොවන බවට හදුනාගෙන තිබුනද එම පංතිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ආරක්ෂාව සදහා එම පංතිවල සිසුන්ද ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත් මෙම තත්වයන් මත එම විදුහල් දෙකේ සිසුන් 122 මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදාල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය පවසන ලද්දේ මෙම විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග විදුහලේ 02හා 04 පංතිවල සිසුන් නිරෝධානයට ලක් කිරිමත් සමග එම පංති දින 14ක් වසා දැමිමට පියවර ගත් බවත් එම තත්වයන් මත අන් සිසුන්ගේද ආරක්ෂාව සදහා විදුහලේ 01 හා 03 ශ්‍රේණිවල සිසුන්ටද ලබන 27 දින දක්වා නිවාඩු ලබා දිමට පියවර ගත් බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09