පාස්පෝට් පෝලිමේ අර්බුදය ගැටුමකින් කෙළවර වෙයි (ඡායාරූප)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපස ගැටුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව පවසනවා.

ඔවුන් පවසන්නේ ඇතැමෙක් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල සිටින අතර, දිනකට වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය හරහා විදෙස් ගමන් බලපත් 25ක් පමණක් ලබාදෙන බවයි.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බවයි වාර්තාවන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපස කුණු කාණුවක් මත හිඳගෙන ජනතාව දින ගණන් සිටින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පවතින අර්බුදකාරි තත්ත්වය පාලනය කිරීමට වවුනියාව පොලිසිය යෙදවීමට ද සිදුව ඇති අතර, ඊයේ (28) අදාළ ස්ථානයේ ගැටුමක් ඇති වී තත්ත්වය පාලනයට අමතර පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය හරහා දිනකට ලබාදෙන විදෙස් ගමන් බලපත් ප්‍රමාණය 75ක් දක්වා හෝ වැඩි කිරීමට පියවර ගත යුතු බවත්, ජනතාවගේ පැමිණීම කළමනාකරණයට පියවරක් ගත යුතු බවත් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට පැමිණි පිරිස් කියා සිටියා.

එහිදී උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා වයඹ පළාතේ බොහෝ පිරිසක් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට වවුනියාව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Passport Problem 1
Passport Problem 6 1
Passport Problem 4
Passport Problem 13
Passport Problem 6
Passport Problem 8
Passpaort 04
Passpaort 03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26