AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් කන්තෝරුව නිවේදනයක් නිසා අද උණුසුම් වෙයි (වීඩියෝ)

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ පෙරේදා (17) දිනයේ දී යි.

මෙම නිවේදනයත් සමග අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යයෙන් ම දිනයක් හා වේලාවක් පූර්ව දැනුම්දීමකින් යුතු ව වෙන් කරගත යුතු වනවා.

එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහා ම වලංගු වන බවයි පෙරේදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

එවන් තත්ත්වයක් මත අද (19) පෙරවරුවේ ද ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ සිටියා.

එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරු පැමිණ සිටි ජනතාව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණු අතර පොලීසිය හා කැරලි මර්දන ඒකකය ද කැඳවීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?