AFC Banner
AFC Banner
Empty Ad

පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කළ දැනුම්දීමකට අනුවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් ඊයේ දිනයේ දී ද පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදෙස් ගතව සිට පෙරේදා (29) දින දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අභියාචනාධිකරණය පසුගියදා ඔහුට නියෝග කර තිබූ අතර, එම නියෝගයට අනුවයි ඔහු ඊයේ (30) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉරිරියේ පෙනී සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?