පාස්කු වාර්තාව විවාදයට තවත් දින දෙකක්

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තවත් දින 2කදී විවාදයට ගැනීමට තිරණය වී තිබෙනවා.

විවාදය 25 සහ 26 පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී මෙම තීරණයගෙන තිබෙනවා.

පාස්කු කොමිසම් සභා වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පසුගිය 10 වනදා පැවැත්වුණා