පාස්කු ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකාරියන් 10 දෙනකු සහ සැකකරුවන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.
ඒ, අනුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ සිටියා.
ඒ, අනුව අදාළ භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.





