පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක අද (10) බිම ඇද වැටීමක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුලත් කළ දැරියක් මියගොස් ඇති බවට පුත්තලම පොලිසිය පවසනවා .
මියගිය දැරිය වයස අවුරුදු 12 ක් වන මනගුණ්ඩුව , පුත්තලම ප්‍රදේශයේ පදිංචි දැරියකි .
පාසල අවසන් කිරීමේ සීනුව නාද වීමෙන් පසු මෙම දැරිය ආගම සිහිකිරීමේ කටයුතු සඳහා පන්ති කාමරයේ සිට ක්‍රිඩාංගණය වෙත දිව යාමේදී පය පැටලී බිම ඇද වැටී තිබේ . පසුව පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර , ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට වෛද්‍යවරයා විසින් දන්වා ඇත .
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














