පාසල අවසන් වී ගිය සිසුවිය පැහැරගත් දෙදෙනෙක් අත්අඩංගුවට – 16 හැවිරිදි සිසුවා අතුරුදන්

පාසල නිමවී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන ත්‍රී රෝද රථයක නංවාගෙන යාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ත්‍රී රෝද රථ රියදුරකු සහ කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි ත්‍රි රෝද රථ රියදුරකු සහ කාන්තාවක්.

සිසුවිය පැහැරගෙන යාමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද සඳහන්.

පලාගොස් සිටින පාසල් සිසුවා අද (15) දහවල් කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී පාසල නිමවී නිවස කරා යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් ත්‍රී රෝද රථයට නංවා ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එය දුටු ඇයගේ මිතුරියක වන තවත් පාසල් සිසුවියක් බලහත්කාරයෙන්ම ත්‍රී රෝද රථයට නැග මිතුරිය පැහැරගෙන යාමට විරෝධය පළ කර තිබෙන බවටයි වාර්තා වී ඇත්තේ.

සැඟව සිටින පාසල් සිසුවා ත්‍රීරෝද රථය තුළදී සිසුවියන් දෙදෙනාටම පහර දී අත්අඩංගුවේ පසුවන කාන්තාවගේ කිතුලාව , මෙනේරිතැන්න ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණවලදී අණාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය විදුහල්පතිවරයාට සැලවීමත් සමග පොලිසියට වාර්තා කර ඇති අතර පොලිසිය ප්‍රදේශය සෝදිසි කරන අතර ත්‍රී රෝද රථයකින් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ත්‍රී රෝද රථයේ රියදුරු බව පොලිසිය ප්‍රකාශ කළා.

දැරියන් දෙදෙනා රෝහල් ගත කිරීමට සහ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?