පාසල අවසන් වී ගිය සිසුවිය පැහැරගත් දෙදෙනෙක් අත්අඩංගුවට – 16 හැවිරිදි සිසුවා අතුරුදන්

පාසල නිමවී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන ත්‍රී රෝද රථයක නංවාගෙන යාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ත්‍රී රෝද රථ රියදුරකු සහ කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි ත්‍රි රෝද රථ රියදුරකු සහ කාන්තාවක්.

සිසුවිය පැහැරගෙන යාමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද සඳහන්.

පලාගොස් සිටින පාසල් සිසුවා අද (15) දහවල් කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී පාසල නිමවී නිවස කරා යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් ත්‍රී රෝද රථයට නංවා ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එය දුටු ඇයගේ මිතුරියක වන තවත් පාසල් සිසුවියක් බලහත්කාරයෙන්ම ත්‍රී රෝද රථයට නැග මිතුරිය පැහැරගෙන යාමට විරෝධය පළ කර තිබෙන බවටයි වාර්තා වී ඇත්තේ.

සැඟව සිටින පාසල් සිසුවා ත්‍රීරෝද රථය තුළදී සිසුවියන් දෙදෙනාටම පහර දී අත්අඩංගුවේ පසුවන කාන්තාවගේ කිතුලාව , මෙනේරිතැන්න ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණවලදී අණාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය විදුහල්පතිවරයාට සැලවීමත් සමග පොලිසියට වාර්තා කර ඇති අතර පොලිසිය ප්‍රදේශය සෝදිසි කරන අතර ත්‍රී රෝද රථයකින් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ත්‍රී රෝද රථයේ රියදුරු බව පොලිසිය ප්‍රකාශ කළා.

දැරියන් දෙදෙනා රෝහල් ගත කිරීමට සහ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23