පාසලේ දී සිදු වූ අනතුරකින් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

පාසල් විවේක කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිය දී උඩ පන්දුවක් රැකගැනීමට යාමේ දී ලිස්සා ගොස් බිත්තයක ගැටී බරපතල තුවාල ලැබූ සිසුවෙක් අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල කෙම්බ්‍රිජ් දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යැවීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සිසුවා එම පාසලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිවකුමාර් නදීෂ් නැමැති සිසුවෙක්.

මෙම සිසුවා පාසල් විවේක කාලයේ දී තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී පන්දුවක් රැකගැනීමට යාමේ දී ලිස්සා ගොස් අසල තිබූ බිත්තියක සිසුවාගේ හිස වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?