ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු 10%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
අද (17) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ සභාපති ඊ.එච්.රුවන් ප්‍රසාද් මේ බව සඳහන් කළා.
රට තුළ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස බදාදා දිනවල රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට ගත් තීරණය සමඟ ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය අත්හිටුවීමට තීරණය කළ බවයි සභාපතිවරයා පැවසුවේ.
මේ අතර එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 100ක් දක්වා ඉහළ දමන ලෙසයි ඉල්ලීමක් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













