පාසල් ළමුන්ට බස් එකක් නවත්තගන්න පොලිසියේ සහය ගන්න වෙලා (ඡායාරූප)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල් සිසු දරුවන් නංවා නොගැනීමෙන් දරුවන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථ ද උදෑසන කාලයේ පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 9 වන අවස්ථා ද පවතින බවටයි දරුවන්ගේ දෙමාපියන් මැසිවිල නගන්නේ.

එමෙන්ම මේ දිනවල වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන බැවින් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම ළමුන්ගේ විභාග කටයුතුවලට ද දැඩි බාධා එල්ලවී ඇතැයි සඳහන්.

මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද මැදිහත් වී ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස් රථ රියදුරන්ටද අවවාද කිරීමට ද සිදුව තිබෙනවා.

කෙසේ නමුත් ළමුන් සහ දෙමාපියන් පවසා සිටින්නේ අදාළ බස් රථ දින කිහිපයක් ළමයින් බස් නංවා ගත්ත ද පසුව සුපුරුදු පරිදි නොනවත්වා ධාවනය කිරීම සිදුවන බවයි.

මාස කිහිපයක්ම මෙම ගැටලුව බලධාරීන්ට පවසා සිටිය ද මේ වන තුරුත් විසඳුමක් නොලැබුනු බවට ඔවුන් චෝදනා කරනවා.

එසේම බස් රථ සිසු දරුවන්ට නතර නොකිරීම හේතුවෙන් සිසු දරු දැරියන් විශාල පිරිසකට උදෑසන කාලයේදී පැය කිහිපයක් අධ්‍යයන කටයුතු අහිමි වන අතරම සවස් කාලයේදී ද පැය දෙකක් හෝ තුනක් ප්‍රමාද වී නිවසට පැමිණීමට සිදුව තිබෙනවා.

මේ හේතුව නිසා කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මාර්ගයන් අවහිර කර මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලැබෙනතුරු දැවන්ත විරෝධයක් කිරීමට බලාපොරොත්තු වන බවටයි පාසල් සිසුදරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?