යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල් සිසු දරුවන් නංවා නොගැනීමෙන් දරුවන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.
ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථ ද උදෑසන කාලයේ පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 9 වන අවස්ථා ද පවතින බවටයි දරුවන්ගේ දෙමාපියන් මැසිවිල නගන්නේ.
එමෙන්ම මේ දිනවල වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන බැවින් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම ළමුන්ගේ විභාග කටයුතුවලට ද දැඩි බාධා එල්ලවී ඇතැයි සඳහන්.
මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද මැදිහත් වී ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස් රථ රියදුරන්ටද අවවාද කිරීමට ද සිදුව තිබෙනවා.
කෙසේ නමුත් ළමුන් සහ දෙමාපියන් පවසා සිටින්නේ අදාළ බස් රථ දින කිහිපයක් ළමයින් බස් නංවා ගත්ත ද පසුව සුපුරුදු පරිදි නොනවත්වා ධාවනය කිරීම සිදුවන බවයි.
මාස කිහිපයක්ම මෙම ගැටලුව බලධාරීන්ට පවසා සිටිය ද මේ වන තුරුත් විසඳුමක් නොලැබුනු බවට ඔවුන් චෝදනා කරනවා.
එසේම බස් රථ සිසු දරුවන්ට නතර නොකිරීම හේතුවෙන් සිසු දරු දැරියන් විශාල පිරිසකට උදෑසන කාලයේදී පැය කිහිපයක් අධ්‍යයන කටයුතු අහිමි වන අතරම සවස් කාලයේදී ද පැය දෙකක් හෝ තුනක් ප්‍රමාද වී නිවසට පැමිණීමට සිදුව තිබෙනවා.
මේ හේතුව නිසා කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මාර්ගයන් අවහිර කර මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලැබෙනතුරු දැවන්ත විරෝධයක් කිරීමට බලාපොරොත්තු වන බවටයි පාසල් සිසුදරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියේ.
























UGATH KAMA NATHI UN EKE WATINAKAMA DANUNAMA THAMUNGE DARUWANTA UGATH KAMA UPAYA SAPAYA GANNA UDAWU KARANAWA. LAMAYI NATHI AYA EHEMA ONA DARUWAN HOYALA UDAWU KARANAWA. NAMUTH NUGATH KAMIN MULU ANGAMA WAHA GANIPU EWUN ME WAGEYI IGENA GANNA DARUWANTA JADA WEDA KARALA UPADINA ATHMA WALA BALLO, BALALLU WELA UPADNAWA.