AFC Banner
AFC Banner
Empty Ad

පාසල් දරුවන් දෙදෙනෙකු වතුර වළකට වැටී ජීවිතක්ෂයට

වවුනියාව දිස්ත්‍රික්කයේ කලාප ක්‍රීඩා තරඟවලට සහභාගී වූ පාසල් දරුවන් දෙදෙනෙකු තරඟ පැවති ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබා ගැනීම වෙනුවෙන් පස් කැපූ වළට වැටී දරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයට අයත් වයස අවුරුදු 14ක් සහ 15ක් වන දරුවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ක්‍රිඩා තරඟය අවසන්ව අදාළ දරුවන් ක්‍රීඩාංගණය අසළ වූ ජලය පිරුණු වළ නැරඹීමට ගිය අවස්ථාවේ ඊට ඇද වැටී ඇති බවයි.

මියගිය සිසුන්ගේ සිරුරු වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශවාසීන් සහ ගුරුවරුන් අතර උණුසුම් තත්වයක් ද හටගෙන ඇති බවයි.

මෙම සිසුන් දෙදෙනා නොමැති වීම හේතුවෙන් අනෙක් සිසුන් එක්ව කළ සොයා බැලීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වළක තිබී සිසුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගනු ලැබුවා.

අනතුරුව එල්ලේ තරඟමාලාව සංවිධානය කරන ලද විශ්විවද්‍යාල ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
12
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?