පාසල් දරුවන් දෙදෙනෙකු වතුර වළකට වැටී ජීවිතක්ෂයට

වවුනියාව දිස්ත්‍රික්කයේ කලාප ක්‍රීඩා තරඟවලට සහභාගී වූ පාසල් දරුවන් දෙදෙනෙකු තරඟ පැවති ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබා ගැනීම වෙනුවෙන් පස් කැපූ වළට වැටී දරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයට අයත් වයස අවුරුදු 14ක් සහ 15ක් වන දරුවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ක්‍රිඩා තරඟය අවසන්ව අදාළ දරුවන් ක්‍රීඩාංගණය අසළ වූ ජලය පිරුණු වළ නැරඹීමට ගිය අවස්ථාවේ ඊට ඇද වැටී ඇති බවයි.

මියගිය සිසුන්ගේ සිරුරු වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශවාසීන් සහ ගුරුවරුන් අතර උණුසුම් තත්වයක් ද හටගෙන ඇති බවයි.

මෙම සිසුන් දෙදෙනා නොමැති වීම හේතුවෙන් අනෙක් සිසුන් එක්ව කළ සොයා බැලීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වළක තිබී සිසුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගනු ලැබුවා.

අනතුරුව එල්ලේ තරඟමාලාව සංවිධානය කරන ලද විශ්විවද්‍යාල ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18