පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්පෙති විකුණු අයෙක් ඊයේ(21) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.
සැකකරු පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පාසල් දරුවන් හා ඇඟළුම් කම්හල් තරුණයින් ඉලක්ක කර ගනිමින් මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.
එක් මත්පෙත්තක් රුපියල් 250 ක මුදලකට සැකකරු මත්පෙති අලෙවි කොට ඇති අතර, මත්පෙති 300 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසූහ.
පොලිසිය වෙත ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු,නේසන්කුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර, සැකකරු මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














