AFC Banner
Empty Ad
Empty Ad

පාසලට වාසනාව කැන්දන්න අවුරුදු 11ක සිසුවෙක් ඝාතනය කරලා

චාරිත්‍රයක කොටසක් ලෙස පාසල් නේවාසිකාගාරයක රැඳී සිටි වයස අවුරුදු 11ක සිසුවෙක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

හත්‍රාස් පොලිස් බල ප්‍රදේශයට අයත් රස්ගවාන් ප්‍රදේශයේ නේවාසික පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම පාසලේ සාර්ථකත්වය සහ කීර්තිය ළඟාකර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය තාන්ත්‍රික චාරිත්‍රයක කොටසක් ලෙස සැලසුම් කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම නේවාසික පාසලේ නීතිවිරෝධී ලෙස 08 වන ශ්‍රේණිය දක්වා පංති පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි පංති පවත්වාගෙන යාමට අවසර ලැබී ඇත්තේ 05 වන ශ්‍රේණිය දක්වා පමණයි.

මෙම ඝාතන සිද්ධියත් සමඟ පාසල වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, සිද්ධියට පාසලේ හිමිකරු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැප්තැම්බර් 23 වැනිදා පාසලේ නේවාසිකාගාරයේ දී මෙම දරුවා ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක් වූ සිසුවාගේ පියා වන ශ්‍රීකිෂාන් කුෂ්වාහා පවසන්නේ තම පුතාගේ ගෙළ සිරකර අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?