පාසලට වාසනාව කැන්දන්න අවුරුදු 11ක සිසුවෙක් ඝාතනය කරලා

චාරිත්‍රයක කොටසක් ලෙස පාසල් නේවාසිකාගාරයක රැඳී සිටි වයස අවුරුදු 11ක සිසුවෙක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

හත්‍රාස් පොලිස් බල ප්‍රදේශයට අයත් රස්ගවාන් ප්‍රදේශයේ නේවාසික පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම පාසලේ සාර්ථකත්වය සහ කීර්තිය ළඟාකර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය තාන්ත්‍රික චාරිත්‍රයක කොටසක් ලෙස සැලසුම් කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම නේවාසික පාසලේ නීතිවිරෝධී ලෙස 08 වන ශ්‍රේණිය දක්වා පංති පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි පංති පවත්වාගෙන යාමට අවසර ලැබී ඇත්තේ 05 වන ශ්‍රේණිය දක්වා පමණයි.

මෙම ඝාතන සිද්ධියත් සමඟ පාසල වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, සිද්ධියට පාසලේ හිමිකරු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැප්තැම්බර් 23 වැනිදා පාසලේ නේවාසිකාගාරයේ දී මෙම දරුවා ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක් වූ සිසුවාගේ පියා වන ශ්‍රීකිෂාන් කුෂ්වාහා පවසන්නේ තම පුතාගේ ගෙළ සිරකර අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31