AFC Banner
AFC Banner
Empty Ad

පාසලට යමින් සිටි පළමු දිනයේදී කන්ටේනර් මාරයාට බිලි වූ ප්‍රදීෂ්

අවුරුදු 6ක පාසල් දරුවෙකු අද (15) උදෑසන කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇත. ඒ සිය පළමු පාසල් දිනය අතරතුරදීය.බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් නැමති 6 හැවිරිදි එම සිසුවා බදුල්ල සරස්වතී කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු අද දිනයේ සිය නිවුන් සහෝදරයා හා මිත්තනිය සමග පාසල් යන අතරතුර එම අනතුරට මුහුණ දී තිබේ.

බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී අනතුර සිදුව තිබුණි.අනතුරෙන් මිත්තනිය ද බරපතළ තුවාල ලබාඇති අතර අනෙක් නිවුන් සහෝදරයා යහපත් තත්ත්වයෙන් පසුවෙන බව ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු පැවසීය.අනතුරෙන් බේරුණ දරුවා ද අද දින මුල්වරට පාසල් යමින් සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?