AFC Banner
Empty Ad
Empty Ad

පාසලක සිසු සිසුවියන් 15කට සහ ගුරුවරියකට කොරෝනා

නාවලපිටිය, පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන පාසලක සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සින්නන් මෝහන් මහතා පැවසීය.මෙම මස 2 වන දා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අද (7) දින නිකුත් වී ඇති අතර ඒ අනුව වයස අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩවල සිසු සිසුවියන් 15 දෙනෙකු සහ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.අදාළ පාසල ඉදිරියට පවත්වනවා ද තාවකාලිකව වසා තබනවා ද යන්න පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් අනුව තීරණය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?