පාසලක සිසු සිසුවියන් 15කට සහ ගුරුවරියකට කොරෝනා

නාවලපිටිය, පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන පාසලක සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සින්නන් මෝහන් මහතා පැවසීය.මෙම මස 2 වන දා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අද (7) දින නිකුත් වී ඇති අතර ඒ අනුව වයස අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩවල සිසු සිසුවියන් 15 දෙනෙකු සහ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.අදාළ පාසල ඉදිරියට පවත්වනවා ද තාවකාලිකව වසා තබනවා ද යන්න පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් අනුව තීරණය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26