ප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩා වැටී සිසුවෙකු රෝහලට

මෙරට ප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ ගායකයෙකු වන ප්‍රියා සූරියසේනගේ නිවසෙහි තාප්පය කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද දහවල් 12.50ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහරගම – විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට යාබද ඉඩමේ පිහිටි ප්‍රියා සූරියසේන මහතාගේ නිවස වටා ඇති තාප්පය එක් අන්තයකින් කඩා වැටීමෙන්.

මෙම තාප්පය වසර 30කට වඩා පැරණි ඉදිකිරීමක් බවත්, එය අවදානම් තත්ත්වයේ තිබූ බවත් පාසලේ විදුහල්පතිවරයා සඳහන් කර තිබෙනවා.

තාප්පය අවදානම් මට්ටමේ පවතින බවට ග්‍රාම සේවක මගින් නිවැස් හිමියා ව කිහිපවරක් දැනුවත් කර තිබූ බවයි විදුහල්පතිවරයා අප ප්‍රාදේශීය වාර්තාකරු හට සඳහන් කර තිබුණේ.

අඩි 13කට ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවත් හෙළි ව තිබෙනවා.

තාප්පය සැකසීමේ දී අවම වශයෙන් කොන්ක්‍රිට් කණු හෝ යෙදිය යුතු වුව ද එසේ නොමැති බවයි වාර්තා වන්නේ.

දින කිහිපය පුරා ම පවතින අයහපත් වර්ෂාපතනය සමග තාප්පය පෙගී කඩා වැටී ඇති බව දෙමාපියන් චෝදනා කරනවා.

තාප්පය අසල ඇති වැසිකිළියට දරුවා ගිය අවස්ථාවේදියි තාප්පය කඩා වැටී ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 වසරේ ඉගෙනුම ලබන නිම්ලක සනුජ පෙරේරා යි.

තුවාල ලැබු දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම අරඹා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
21
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?