ප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩා වැටී සිසුවෙකු රෝහලට

මෙරට ප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ ගායකයෙකු වන ප්‍රියා සූරියසේනගේ නිවසෙහි තාප්පය කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද දහවල් 12.50ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහරගම – විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට යාබද ඉඩමේ පිහිටි ප්‍රියා සූරියසේන මහතාගේ නිවස වටා ඇති තාප්පය එක් අන්තයකින් කඩා වැටීමෙන්.

මෙම තාප්පය වසර 30කට වඩා පැරණි ඉදිකිරීමක් බවත්, එය අවදානම් තත්ත්වයේ තිබූ බවත් පාසලේ විදුහල්පතිවරයා සඳහන් කර තිබෙනවා.

තාප්පය අවදානම් මට්ටමේ පවතින බවට ග්‍රාම සේවක මගින් නිවැස් හිමියා ව කිහිපවරක් දැනුවත් කර තිබූ බවයි විදුහල්පතිවරයා අප ප්‍රාදේශීය වාර්තාකරු හට සඳහන් කර තිබුණේ.

අඩි 13කට ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවත් හෙළි ව තිබෙනවා.

තාප්පය සැකසීමේ දී අවම වශයෙන් කොන්ක්‍රිට් කණු හෝ යෙදිය යුතු වුව ද එසේ නොමැති බවයි වාර්තා වන්නේ.

දින කිහිපය පුරා ම පවතින අයහපත් වර්ෂාපතනය සමග තාප්පය පෙගී කඩා වැටී ඇති බව දෙමාපියන් චෝදනා කරනවා.

තාප්පය අසල ඇති වැසිකිළියට දරුවා ගිය අවස්ථාවේදියි තාප්පය කඩා වැටී ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 වසරේ ඉගෙනුම ලබන නිම්ලක සනුජ පෙරේරා යි.

තුවාල ලැබු දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම අරඹා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
21
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34