කළුතර බණ්ඩාරගම මාර්ගයේ බන්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අද (13) උදෑසන ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වන වාද්දුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මොරොන්තුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













