AFC Banner
Empty Ad

පාරිභෝගිකයින්ට ගින්දර දුන් වෙළඳුන් රැසකට එරෙහිව නීතිමය පියවර

ඊයේ (22) දිනයේ සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීම සහ තොග ගබඩා කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් 39 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රධාන වශයෙන් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම වැටලීම් සිදුකරන ලැබුවා.

මෙම වැටලීම්වල දී ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළ වෙළඳුන් 16 දෙනෙකු, තොග ගබඩා කළ වෙළඳුන් 10 දෙනෙකු සහ මිල ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ වෙළඳුන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 270ත් 310ත් අතර මිලකට අලෙවි කළ වෙළඳුන් ද මෙම වැටලීමේ දී හඳුනාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?