පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයේ ගැටී පුද්ගලයෙකු මිය යයි

ඊයේ රාත්‍රියේ පුත්තලම පලාවිය කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාද රථයේ සිට ඇති අතර ඔහුගේ රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.