පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිමයෙන් රකිනවා – කතානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව වසරේ රාජකාරි ඇරඹීම අද (01) පෙරවරුවේ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් කතානායකවරයා අවධාරණය කළේ, සමස්ත ජාතියේ නැවුම් පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බැවින් දසවැනි පාර්ලිමේන්තුවට සුවිශාල වගකීමක් පැවරී ඇති බවයි.

ඒ, අනුව පාරදෘශ්‍ය බවකින් සහ වගවීමෙන් කටයුතු කිරීමේ විශාල වගකීමක් සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරී ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ගතවූ කාලය තුළ එහි සාධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබුණු බවත් කතානායකවරයා සඳහන් කර සිටියා.

සමාජ සංවර්ධනය සිදුවීමේ දී සාධාරණත්වය සහ සමානාත්මතාව පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ද ලබාදෙන බවත් කතානායකවරයා පැවසුවා.

ඒ, අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිම වශයෙන් ආරක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් කතානායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

පාර්ලිමේන්තු පරිපාලනය ශක්තිමත් කරමින් තවදුරටත් විශිෂ්ට සේවාවක් සපයන කාර්ය මණ්ඩලයක් බවට පත්වීමට නව වසරේදී ශක්තිය ධෛර්ය පතන බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් කතානායකවරයා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ, රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක හඹා යෑමේදී ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරෙන වගකීම සුළුපටු නොවන බවයි.

රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දායක වීමට සහ පාර්ලිමේන්තුව නැරඹීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු අනෙකුත් සියලු කටයුතු මෙලෙසින් පවත්වා ගැනීමට කැපවන පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව නව වසරට සුබ පැතුම් එක් කරමින් ඇය පැවසුවා.

එමෙන්ම පාර්ලිමේන්තු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ද අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල කැපවීමට ද මහලේකම්වරිය සිය ස්තූතිය මෙහිදී පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48


?