පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන දැනුම්දීමක් – 18න් පසු ප්‍රචාරණ වැඩසටහන් බෑ

නව ජනාධිපතිවරයා තේරී පත් වී ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ආකාරය පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 09 වැනි දේශපාලන විධායකය තේරී පත් වූ පසුව දින 10-12ත් අතර කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි එම මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සැප්තැම්බර් මස 21 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව එම අවස්ථාව නව ජනාධිපතිවරයා හට ව්‍යවස්ථාවෙන් බලය පැවරෙනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයක දී මහ මැතිවරණය පැවැත්විය යුතු බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

අවශ්‍ය නම් දින 52ත් 66ත් අතර උපරිම කාලසීමාවක් ඒ සඳහා ගැනීමට හැකියාව ඇතැයි ද හෙතෙම අවධාරණය කළා.

මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බවත් 21 වැනිදා පෙරවරු 7.00 සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වන බවත් වාර්තා වනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,417ක් ක්‍රියාත්මක බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එදින පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වන කෙරෙන බවයි.

තමන් හට නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති වුව ද, හැකි නම් ප්‍රාදේශීය තැපැල් කාර්‍යාලයට ගොස් එහි තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ඒ ගැන විමසීමක් සිදු කර හැකි බව ද නැතහොත් ජාතික හැඳුනුම්පත රැගෙන ගොස් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකාවේ සිය නම ඇතුළත් නම් ඡන්දය භාවිත කිරීමේ හැකියාව ද ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
2
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34