පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 24 වනදා අවසන් කෙරේ

0‍9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම ලබන 24 වනදා සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ලබන 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක නිල කාලය ද අහෝසි වනවා.

සිව්වන සභාවාරය වාර අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ නව සභාවාරය පෙබරවාරි මස 07 වනදා ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?