පාර්ලිමේන්තුවේ කෑම විදුලිය සහ ජල බිලද ඉහළට : වැයවන මුදල මෙන්න

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වෙනවා.

 මෙම වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරීන් පවසන්නේ.

පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේදී දරා ඇති මුදල රුපියල් අට කෝටි හැත්තෑ අට ලක්ෂ විසි අට දහස් අසූ දෙකකි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ ගොස් ඇතැයිවාර්තා වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේදී වැයවී ඇති මුළු වියදම රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන් සිය විසි තුනකි.

පවතින ආර්ථික තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මේ වියදම් හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට මෑතකදී දැනුම්දී ඇත.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආහාර වියදම්ද උපරිම සීමාවට පැමිණ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36