spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවෙන් මාළු සොරකම් කළ සේවකයෙක් අත්අඩංගුවට

පිසින ලද මාළු කෑලි විස්සක් අඩංගු ආහාර පැකට්ටුවක් පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ආහාරපාන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සේවකයාට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

සැකකරු පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ආහාර පාර්සලය හමුවී තිබෙනවා.

මෙම පාර්සලයේ තිබී කිරි බෝතලයක් සහ ඉඟුරු ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් තම්මික දසනායක මේ වනවිටත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ප්‍රවාහනය කෙරෙන බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වාර්තා කරන්නේ. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය පසුගිය කාලයේ වැඩිවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?