AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තුවෙත් ප්‍රිමියර් ලීගයක් – ආරම්භය මාර්තු 29

පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්.

එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු යොදා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරන කණ්ඩායම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද මෙම ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
4
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?