AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා එහි කටයුතු විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මෙම උණුසුම් තත්ත්වයට හේතු වූයේ දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ පළමු කතාව සම්බන්ධයෙනි.

විපක්ෂය ඉල්ලා සිටියේ එහි පළමු කතාව විපක්ෂයට ලබාදිය යුතු බවයි.

ආණ්ඩු පක්‍ෂය කියා සිටියේ ආණ්ඩු පක්ෂය විවාදය ආරම්භ කළ යුතු බවය.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ දිනය හේතුවෙන් සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් සියළු දෙනා අද දිනයේ කළු පැහැ ඇදුම් ඇද පැමිණ සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?